ඓතිහාසික රෝහණ රාජධානියේ අටදහස් රටේ කුඹුක්කන්ද නදිය අසබඩ කාවන්තිස්ස රාජ්‍ය සමයේ විසු දස මහ යෝධයන්ගෙන් හෙබි ථෙරපුත්තාභය යෝධයාගේ පා පහස ලද තේරප්පහුව රජමහා විහාරය ආසන්නයේ පිහිටි කලුමැදිරිය ශාකයන්ගෙන් ඝහණය වූ ප්‍රදේශයකි. මේ නිසාම අතීත මුතුන්මිත්තන් මෙම ප්‍රදේශයේ මැදිරිය නමින් හඳුන්වන ලදි. කල්ගතවිමත් සමග මෙම ප්‍රදේශයට කෘෂිකර්මික කටයුතු සඳහා පැමිණි පිරිස් මෙහි වාසස්ථාන පිහිටුවා ගනී. ඔවුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කර ගැනීම සඳහා යාමෙන් ඈත පිහිටි පාසල් කරා යාමට සිදුවිය. මෙය අසරණ දෙමාපියන්ට දරාගත නොහැකි කරුණක් වූ බැවින් ගමේ සියලු දෙමාපියන් එක්රැස්ව කතිකා කර ගෙන සෑම පවුලකින්ම රු.10/=ක මුදලක් එකතු කර 60*20 ඉලුක් සෙවිලි කර මැටිවලින් සාදාගත් ගොඩනැගිල්ලේ තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු (1960) 60 දශකයේ මැදිරිය විද්‍යාලය ඇරඹිණි. මෙම පුන්‍ය භුමියේ දරුවන්ගේ අධ්‍යාපන පිපාසය නිවාලන්නට කිසිදු ආර්ථික ලාභ ප්‍රයෝජන නොතකා ස්වකැමත්තෙන් ඉදිරිපත් වුයේ ප්‍රදේශයේ ක්‍රියාශිලි තරුණයන් දෙදෙනෙකි. ඔවුන් නම් පියදාස පතිරණ හා එච්.එම්.සිරිසේන යන මහත්වරුන්ය. මෙම දෙපළ විද්‍යාලයේ නේවාසිකව වාසය කරමින් අධ්‍යාපන කටයුතු ගෙන ගිය අතර ප්‍රදේශවාසින් විසින් ගමෙන් එකතු කරන ලද ද්‍රව්‍ය වලින් ආහාර සපයා දෙන ලදි. එවකට මෙහි 20 දෙනෙකු පමණ අධ්‍යාපනය හදාරා ඇත.
2027 බඩල්කුඹුර කොට්ඨාසයේ විශිෂ්ඨතම පාසල.
පාසල සතු භෞතික හා මානව සම්පත් සඵලවත් අයුරින් යොදමින් අධ්‍යාපන,අධ්‍යාත්මික, සෞන්දර්යය, ක්‍රීඩා කෞෂලය්‍යන් පිරිපුන් අනාගත ජීවන අභීයෝගයන් නුවණින් විමසා කටයුතු කරන සංවේදි සිසු දරු පිරිසක් මාතෘ භූමියට දායාද කිරිම.